A/L TECH , ARTS , COMMERCE කරලා රජයේ විශ්වවිද්‍යාලයක් හරහා SOFTWARE ENGINEER පුලුවන්ද?
කවුරුහරි Software Engineer කෙනෙක් වෙන්න පුළුවන් ද හරි Software Engineering side එකට යන්න පුළුවන් ද හරි අහපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ කැළණිය සහ සබරගමුව විශ්වවිද්‍යාලවල තියන Software Engineering degree එක ගැන. එතන තමයි හැමෝටම වරදින්නේ.... මුලින් ම කියන්න ඕනේ, ඔය ප්රශ්නය අහන කවුරුත් අහන්නේ ඔය Software Engineering degree එක ගැන නෙමෙයි!
එතකොට අහන ප්‍රශ්නේ කැළණිය Software Engineering නැත්තම් වෙන කොහොමද Software Engineer කෙනෙක් වෙන්නේ? ඒක අහන්නත් ප්‍රශ්නයක් ද! කැළණිය SE ඇවිත් තවම අවුරුදු 4ක් ගියෙත් නෑ.... එතකොට ඊට කලින් ලංකාවේ Software Engineers ලා හිටියේ නැද්ද? ඒකට තමයි තව රජයේ විශ්වවිදයාල 6ක විතර Software Engineering field එකට සම්බන්ධ උපාධි 12ක් පමණ තියෙන්නේ.... උදා - Tech අයට Colombo, Japura, Uwa, Ruhuna, Jaffna, Kelaniya, Rajarata, South Eastern universities වල තියන BICT උපාධිය. Arts, Commerce අයට Moratuwa ITM, Colombo IS, Rajarata ICT, Uwa IIT උපාධි මීට අමතරව තව උපාධි කිහිපයක් ම තියනවා.... මේ හැම උපාධියකින් ම පිටවන කෙනෙක් ට industry එකට Software Engineer කෙනෙක් හැටියට යන්න පුළුවන්.... මේ විස්තරය දැම්මේ Education field එකෙයි SE filed එකෙයි දෙකේම දැනුම සහ අත්දැකීම් එක්ක. ඒ නිසා Tech, Arts, Commerce කරන අයට Government Software Engineering බෑ වගේ වැරදි මත දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉදිරියට යවන්න එපා කියලා ඉල්ලා සිටිනවා.....
IT වලින් ජොබ් තියනවද? ඒවයේ Salary කොහොමද?
IT වලින් ජොබ් තියනවද? ඒවයේ Salary කොහොමද? මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හිතුවා මේ සටහනින්.
මුලින්ම ජොබ් එහෙමත් නැත්නම් රැකියා අවස්ථා ගැන බලමු. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ගත්තම ලංකාව කියන්නේ ලෝකයේ ඉහලින් ම ඉන්න රටක්. මේක ගොඩක් අය විශ්වාස කරන එකක් නෑ, - READ MORE -
ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල
මේ ලිපිය ලියන්නේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය සම්බන්ධව තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක් ගැන. ඒ නිසා මුලින්ම මම ලංකාවේ පුද්ගලික අධ්‍යාපනය සහ පුද්ගලික විශ්වවිද්‍යාල ගැන මගේ මතය ප්‍රකාශ කර සිටින්නම්. මේක නිල නොවන පුද්ගලික සමූහයක් නිසා මට මගේ මතය ප්‍රකාශ කරන්න බාධාවක් නෑ
- READ MORE -
0 Comments
Leave a Reply. |